කොළඹ වරායේ – නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පාලනය කිරීමේ බලය ඉන්දීය සමාගමකට.

0
1266
- Advertisement -

කොළඹ වරායේ – නැගෙනහිර පර්යන්තයේ
මෙහෙයුම් කටයුතු පාලනය කිරීමේ බලය
ඉන්දීය සමාගමකට.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කළමණාකරණය කිරීම ඉන්දීය සමාගමක් වෙත පැවරිමට ශ‍්‍රී ලංකා රජය තිරණය කර ඇති බව, සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කළමණාකරණය කිරීමේ වගකීම, අදානි නම් [Adani Group] ඉන්දියානු සමාගමට ලබා දීමට නියමිත ය.

අදානි සමාගමට, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්කටයුතු කළමණාකාරය සදහා පිහිටුවීමට නියමිත නව සමාගමෙන් 49% ක කොටස් හිමිකාරීත්වයක් හිමි වේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට එම සමාගමේ 51% ක කොටස් හිමි වේ.

අදානි සමාගම, කේරළයට අයත්, තිරුවනාත්රපුරම් හී තවත් වරායක් ඉදිකරමින් සිටියි. ඔවුන් එම වරාය ඉදිකරනුයේ, කොළඹ වරායට තරගයක් දීමේ අරමුණෙන් බවද පැවසේ.
දැනට කොටස්වලින් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුවද, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පාලනය කිරීම අදාල ඉන්දීය සමාගම කෙටි කලකින්ම අත්කර ගනු ඇතැයි, වෘත්තීය සමිති සැක පළ කරයි.