කොළඹ රස විදිමින් කොළඹ වටේ රවුමක් යමු…!

0
302
- Advertisement -

කොළඹ ඕලන්ද රෝහල

කොළඹ ඕලන්ද කොටුව තුල පැවති සංවිධිත සන්නද්ධ නාගරික දිවිපෙවෙතේ රිද්මය මැනවින් කියාපාන ඕලන්ද රෝහල ස්ථාපිත වී ඇත්තේ කොළඹ කොටුවට ආසන්නයෙන්, ඕලන්ද ආණ්ඩුකාර මන්දරයට මදක් ඔබ්බෙන් පවතින ආකාරයටය. මුහුදෙන් හමාඑන නැවුම් සුළං රැුලිවලට මෙම රෝහල සිසාරා ගමන් කළ හැකි පරිද්දෙන්, අභ්‍යන්තර වාතාශ‍්‍රය නිරතුරුවම අළුත් වන ආකාරයට එවකට මෙම ගොඩනැගිල්ල තිබෙන්නට ඇත.
මෙම රෝහල වරාය අසලම ඉදිකිරීමේ අවශ්‍යතාවයද මෙහිදි වැදගත් කරුණකි. ඝර්ම කලාපීය රටවල දේශගුණය ලන්දේසින් හට එතරම් හිතකර නොවීම නිසා නිතර ඔවුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය විය. මෙම ඕලන්ද රෝහල වරාය අසලම ඉදිකිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ නාවුකයන්ගේ සෞඛ්‍යමය ගැටළුවලට කඩිනම් ප‍්‍රතිකාර ලබාදෙන අරමුණද ලන්දේසින් තුල පෙරදැරිව තිබූ බවයි. 1681 වසරේ මෙය ඉදිකළ බව German Christoper Schweitzer විසින් වාර්තා කර තිබේ. මෙම රෝහල අතිශයින් දියුණු රෝහලක් වශයෙන් පෙරදිග ඕලන්ද සමාගම විසින් පාලනය කළ අනෙකුත් රටවලද ප‍්‍රකට වී ඇත්තේ එවකට එහි සේවය කළ අති විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරයා හේතුවෙනි. Paul Hermann නම් ඔහු 1672 වසරේ සිට 1679 දක්වාම මෙහි සේවය කර ඇත. පසුකාලිනව බි‍්‍රතාන්‍යයන් විසින් විවිධ වෙනස්කම් කළද ගොඩනැගිල්ල මුළුමනින්ම ඕලන්දයේ ඇති ගෘහ නිර්මාණයන්හි ස්වරූපය අදටත් මැනවින් දැකිය හැකිය. අද වනවිට එහි දැවැන්ත කුළුණු නවීකරණය කර ඇතත් විශාල ආරුක්කු, උසින් මෙන්ම පළලින් යුතු ජනේල, වා කවුළු ලන්දේසි නිර්මාණ කලාවේ අනන්‍යතාවය ප‍්‍රකාශ කරයි. තේක්ක දැව මෙම ගොඩනැගිල්ල සඳහා විශාල වශයෙන් භාවිතා කර ඇති අතර, ඒවා බුරුමය වැනි වෙනත් රටවලින් ගෙනැවිත් ඇති බව පැහැදිලිය. එදා රෝහලක් වශයෙන් භාවිතා වූ මෙම ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය සමයේදි වෙනත් පරිපාලන අවශ්‍යතා සඳහා යොදැගැනුන අතර, අද වනවිට එය සංචාරකයන් මන බන්දන අවන්හල් හා වෙළඳසැල් ජාලයකින් සමන්විත සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + thirteen =