කොළඹ පදිංචි ඇමතිවරුත් කොළඹින් නිල නිවාස ඉල්ලති.

0
205
- Advertisement -
Share
4 / 100

කොළඹ පදිංචි ඇමතිවරුත්
කොළඹින් නිල නිවාස ඉල්ලති.

කොළඹ පදිංචි, වත්මන් රජයේ ප‍්‍රබල අමාත්‍ය ධූර හොබවන ඇමතිවරු රැුසක් – කොළඹින් නිල නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අග අරුණ පුවත්පත වාර්තා කරයි.

නිල නිවාස ඉල්ලා ඇති කොළඹ පදිංචි අමාත්‍යවරුන්ගේ නම් පුවත්පත මගින් හෙළි කළ නැතත්, එම අමාත්‍යවරු මේ වන විටත් නාරාහේන්පිට, තලංගම, කැස්බෑව ආදී ප‍්‍රදේශයන් හී ස්ථිර පදිංචිකරුවන් බව පැවසේ.

ගාල්ල හා කුරුණෑගල පදිංචි අමාත්‍යවරු දෙදෙනෙක් නිල නිවාස ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාසවල නිවාස ලැබී නැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සදහා, වෙනත් ස්ථානයකින් නිවාස කුළයට ලබා ගැනීමට රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + six =