කොළඹ නගරය අවට පවුල් 50,000ක් ඉවත්කිරීමේ යෝජනාවක්

0
319
- Advertisement -

කොළඹ නගරය අවට අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් ඉවත්කර අක්කර 400ක් වාණිජ කටයුතු වලට පවරා දීමේ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මාලිගාවත්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම, ඛෙත්තාරාම ඇපල් වත්ත, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කිඹුලාඇල සහ රත්මලාන වාරිමාර්ග ඉඩම යන ස්ථාන වල සිටින පවුල් මේ යටතේ ඉවත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙසේ ඉවත් කරන පවුල් සඳහා රුපියල් කෝටි 17,000ක් වෙන් කර ඇති බව ද පැවසෙනවා.

ඒ අනුව එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 30ක වටිනාකමින් යුතු නිවසක් ලබාදීමට සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.

මේ සඳහා මුදල් ප්‍රතිපාදන උපයාගෙන ඇති ආසියානු බැංකුවේ යටිතල පහසුකම් සඳහා ලබාදෙන ණය ව්‍යාපෘතියක් යටතේයි.

මෙම යෝජනාව බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 7 =