ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීන් පවසනවා.
පොලිස් දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත්රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි.
පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි.
ත්රස්තවාදී කි්රයා මැඩ පැවැත්වීම සම්බන්ධීකරණය සඳහා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
මේ අතර යුද හමුදා ප්රධානීන් පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් හමුදා සොල්දාදුවන් යොදවා ඇති බවයි.