කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිට මාරුවක්. හේතුව; නීතියට පිටින් කටයුතු නොකිරීම.

0
734
- Advertisement -

කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා, පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. ඉහළම පොලිස් නිළධාරියෙකු විසින් ලබා දුන් නීති විරෝධී නියෝගයකට එරෙහි වීම මෙම මාරුවට හේතු වී ඇති බව වාර්තා වේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැක කරුවෙකුට වෙඩි තබන ලෙස ඉහළ නිළධාරියා, නෙවිල් සිල්වා මහතාගෙන් ඉල්ලා තිබේ. ඔහු එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ නිසා, ඔහුට මෙම දඩුවම් මාරුව ලබා දී තිබේ. අදාල සිදුවීම සම්බන්ධයෙන් නෙවිල් සිල්වා මහතා ලොග් සටහන් පොතේ සටහනක්ද තබා ඇති බව වාර්තා වේ. මෙම දඩුවම් මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම කෙබදු කි‍්‍රයාමාර්ගයක් ගනු ඇද්දැයි පොලිසියට සම්බන්ධ නිළධාරීන් බලා සිටියි.