කොළඹට එන නැව් ආපසු හරවා යවයි.
ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගවීමේ
අවදානමක්. වෙළද ඇමති සහ වරාය ඇමති තවමත් නිහඬයි.
කොළඹ වරායේ ජයා බහුලම් පර්යන්තය මෙහෙයුම්කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන්, ඉදිරියේ දී රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් මතුවිය හැකි බව වාර්තා වේ.
කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ භාණ්ඩ තොග රැුගත් නැව් හතලිහකට ආසන්න ප්‍රමාණයක්, මේ වන විටත් වෙනත් නැව්තොටුපළවල් වෙත හරවා යවා ඇති බව පැවසේ.
මේ තත්ත්වය මත, තමන් සතු තොග අවසන් වීමට පෙර, ඔවුන් විසින් ඇණවුම් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ සැක පළ කරන බව පවසති.
මේ සම්බන්ධයෙන් සති අන්ත සන්ඬේ මෝර්නිං පුවත්පත කළ විමසීමකදී,
මෙවැනි අවදානමක් ඇති බව, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පිළිගෙන ඇති අතර, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුව ඇති බවටද ඔහු විසින් යෝජනා කර තිබේ.