කොස් වලින් සොසේජස්

0
729
- Advertisement -
Share

ලංකාව තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන කොස් ගෙඩි මිලියන එකසිය පනහකට අධික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් එනම් මිලියන 75කට අධික ප්‍රමාණයක් මේ වනවිට අපතේ යන බවට වාර්තා වන බව කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

ප්‍රෝටීන්, තන්තු, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත කොස් පලතුරක්, ව්‍යංජනයක් හා ඍජුවම කොස් මදුළු තම්බා ආහාරයට ගැනීමට අතීතයේදී ජනතාව කටයුතු කළත්, මේ වනවිට එම තත්ත්වය අඩුවෙමින් යන බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ නිසා කොස්වලින් නිර්මාංශ ආහාරයක් සකස් කිරීම පිළිබඳ සිදුකළ පර්යේෂණවලට නව ආහාරයක් සොයාගෙන තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම ආහාරය සොසේජස් හැඩයට සකස් කරගත හැකි බවත්, ඒ තුළින් ඍජුවම කොස් ආහාරයට නොගන්නා පිරිසගේත් ආකර්ශනය ලබා ගැනීමට හැකිවන බවත් හෙතෙම පැවසීය.

අදාළ ආහාර වට්ටෝරුව ලබාගැනීමට අවශ්‍ය පිරිස් 034- 2261323 අංකය මගින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මනෝජ් බුලත්කන්දගේ මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකි බවද සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.

එසේ නොමැති නම්, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය කනනවිල හොරණ යන ස්ථානයෙන් තොරතුරු ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 2 =