“කොරෝනා සදහා වෙන් කළ රෝහල්වල වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අතිකාල දීමනා ගෙවා නෑ.” රෝහල් අධ්‍යක්ෂකවරු ඇමතිණියට පැමිණිලි කරති.

0
284
- Advertisement -
Share

“කොරෝනා සදහා වෙන් කළ රෝහල්වල වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අතිකාල දීමනා ගෙවා නෑ.” රෝහල් අධ්‍යක්ෂකවරු ඇමතිණියට පැමිණිලි කරති.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සකස් කළ රෝහල්වල වෛද්‍ය, හෙද, ඇතුළු සියලු කාර්ය මණ්ඩලවලට අතිකාල දීමනා මෙතෙක් ගෙවා නැති බව ඊයේ (09දා) අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල අධ්‍යක්ෂවරුන් මේ බව අමාත්‍යවරියට පැමිණිළි කර ඇත.

ප්‍රමාද වූ අතිකාල දීමනා කඩිනමින් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන පිරිසට ආරක්ෂිත ඇඳුම් කට්ටලද අවශ්‍ය පරිදි ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබේ.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට මෙහි දී උපදෙස් ලබා දී තිබේ. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉදිරියේ දී තරු පහේ හෝටලයක දෙදිනක නිවාඩුවක් ගත කිරීමට ද අවස්ථාව ලබා දීමට නියමිතය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහි දී අවධාරණය කර සිටියාය.

@ aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − three =