කොරෝනා වෛරසය චීනයට ගෙන ආවේ ඔක්තෝබර් මාසයේ පැමිණි ඇමරිකානු සෙබලූන් 300 දෙනා විසින්.

0
6697
- Advertisement -

චීන විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධ ඉහළ පෙළේ රාජ තාන්ත‍්‍රිකයෙකු වන, චා ලීජියන් Zhao Lijian, ට්වීටර් පණිවිඩයක් ඔස්සේ කොරෝනා වෛරසය චිනය තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ, චීනයේ වූහෑන් නගරයේ පැවැත් වූ හමුදා භටයන්ගේ මළල ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා ඇමරිකානු හමුදා භටයන් 300 ක් පමණ දෙනා සහභාගී වී තිබුනි. ඔවුන්, කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්ත කළ බවට චා ලීජියන් චෝදනා කරයි.

මෙම අදහස, ඉහළ පෙළේ රාජ තාන්ත‍්‍රිකයෙකු විසින් නිළ වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ පළමු වතාවට වුවත්, මේ සැකය සාමාන්‍ය චීන වැසියන් තුළ රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවස්ථාවේ දී සිටම මතු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + nineteen =