කොරෝනා වසංගතය මැද්දේත්, දනැට – ලාංකිකයන් 44,000 ක් විදෙස් රැකියා සදහා පිටත්ව යති.

0
326
- Advertisement -

කොරෝනා වසංගතය මැද්දේත්,
දනැට – ලාංකිකයන් 44,000 ක්
විදෙස් රැකියා සදහා පිටත්ව යති.

මුළු ලොවම කොරෝනා වසංගතයට ගොදුරුව තිබිය දී ත්, ශ්‍රී ලාංකිකයන් 44,000 ක්, විදෙස් රැකියා සදහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම පරිසෙන් වැඩි සංඛ්‍යාවක් රැකියා සදහා පිටත්ව ගොස් ඇත්තේ ඩුබායි, රොමේනියා සහ මාලදිවයින යන රටවල් වෙත යි.

වසා දමා තිබෙන ගුවන් තොටුපොළ යළි විවෘත වීමෙන් පසුව, විදෙස්ගත වන්නන්න්ගේ සංඛ්‍යාව මෙම ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් ඉහළ යනු ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දැනට, රැකියා සදහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් ගමන් කරන්නේ, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ අනෙකුත් විශේෂිත ගුවන් යානා මගිනි.

කොරෝනා වසංගත හේතුවෙන් රැකියා අහිමි ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ට, නව රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දියත් කර තිබේ.