කොරෝනා යැයි සැක පිට නාවික හමුදා සෙබළාගේ පියාට සහ සහෝදරයාට පිරිසක් පහර දෙයි.

0
746
- Advertisement -

වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි, නාවික හමුදා සෙබලෙකුගේ පියෙකුට සහ සහෝදරයෙකුට, ඊයේ දිනයේ දී පිරිසක් පහර දී තිබෙ.

නාවික හමුදා සෙබලාගේ බිළිදාට අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට නගරයට ආ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා මෙම පහර කෑමට ලක්ව තිබේ.

අදාල නාවික හමුදා සෙබළා කොරෝනා ආසාදිතයෙකු බවත්, ඔහුගෙන්, මොවුන් දෙදෙනාටත් අදාල වෛරසය ආසාදනය වී ඇති බවටත් චෝදනා කරමිනි මෙම පහර දීම සිදු කර තිබෙන්නේ.

කෙසේ වෙතත්, තමන්ගේ සහෝදරයා වන නාවික හමුදා සෙබළා යාපනය නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන බවත්, ඔහු මාසයකින් පමණ නිවසට පැමිණ නැති බවත්, පහරකැමට ලක් වූ අය පවසා තිබේ.

පහරදුන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ පවත්වන බව බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =