කොරෝනා යැයි බියෙන් අසාධ්‍යව සිටි සිසුවිය කොන් කරයි..!

0
221
- Advertisement -
Share

රෝගී වූ දැරියක් රෝහලක් වෙත රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීමේ සිදුවීමක් පසුගිය දා කටුගස්තොට ප්‍රදේශයේ පාසලකින් වාර්තා විය.

කිසිවෙකු දැරිය වෙත කිට්ටු වී නොතිබුණේ, ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කර තිබුණු බැවිනි.

අවසානයේ දී කටුගස්තොට පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු මැදිහත් වී සුවසැරිය ගිලන් රියකින් එම දැරිය මහනුවර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

කෙසේ වෙතත්, රෝගී වූ දැරිය රෝහල් ගත කිරීමට කටයුතු නොකළ පාසල් කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍යම පලාත ප්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් අධ්‍යාපන ලේකම් වරයා තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =