කොරෝනා මෘත දේහ භූමදානය; අගමැති පොරොන්දු උනත් සෞඛ්‍ය බළධාරීන් තවමත් නිශ්ශබ්දයි..!

0
328
- Advertisement -

කොරෝනා මෘත දේහ භූමදානය;
අගමැති පොරොන්දු උනත්
සෞඛ්‍ය බළධාරීන් තවමත් නිශ්ශබ්දයි..!

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්නේ මෘත දේහ භූමදානයට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ දිනයේ දී පොරොන්දු වුවද්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් සෞඛ්‍ය අංශ බලධාරීන් දැනුවත් කර නැති බව වාර්තා වේ.

කොරෝනාවෙන් මිය යන පුද්ගලයන් අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, භූමදානය සදහා අවසර ලබා දීමට නම්, පළමුව එම ගැසට් නිවේදනය අහෝසි කළ යුතුව තිබේ.

එවැනි උපදෙසක් මෙතෙක් සෞඛ්‍ය අංශ ඉහළ නිළධාරීන් වෙත ලැබී නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දීම සම්බන්ධයෙන්, සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත කිසිදු සාකච්ඡාවක් මෑතකදී සිදුව නැති බවද පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + four =