“කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දිය හැකි ද..? විශේෂඥ කමිටු වාර්තාව හෙට අනිද්දා වනවිට ලැබේවි.” විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

0
272
- Advertisement -

“කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දිය හැකි ද..? විශේෂඥ කමිටු වාර්තාව හෙට අනිද්දා වනවිට ලැබේවි.”
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කොරෝනා මෘතදේහ සදහා අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබදව සොයා බලන ලෙසට, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව, නුදුරේදීම ලැබෙනු ඇතැයි, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතු බවට මෙරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබුනද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ, ආදාහනය සහ භූමදානය යන ක‍්‍රම දෙකම ඒ සම්බන්ධයෙන් භාවිතා කළ හැකි බවයි. මේ තත්ත්වය මත, ආදාහනයට පමණක් අවසර ලබා දීමට ලංකාව ගෙන තිබෙන තීරණයට එරෙහිව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විරෝධතා එල්ල වෙමින් පවතී.

කොරෝනා මෘත දේහ සදහා අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව යළි සලකා බලන ලෙස, සෞඛ්‍ය ලේකම්, විශේෂඥ කමිටුවෙන් ඉල්ලා ඇත්තේ ඉහත විරෝධතාවයන් ද සැලකිල්ලට ගෙන යි.