“කොරෝනා මැද්දේ වූහාන්වලට තේ එවපු හැටි – අපි වෙනුවෙන් පිරිත් කියපු හැටි කවදාවත්ම අමතක වෙන්නෑ.” ඩොලර් මිලියන පන්සීයේ ණය ගැන සහතික වෙමින් චීන තානාපති කාර්යාලය කියයි.

0
199
- Advertisement -
Share
9 / 100

කොරෝනා මැද්දේ
වූහාන්වලට තේ එවපු හැටි – අපි වෙනුවෙන් පිරිත් කියපු හැටි කවදාවත්ම අමතක වෙන්නෑ.
ඩොලර් මිලියන පන්සීයේ ණය ගැන සහතික වෙමින්
චීන තානාපති කාර්යාලය කියයි.

සති අන්ත පුවත්පත් මගින් වාර්තා කර තිබුණු, ශ්‍රී ලංකා රජය චීනයෙන් ලබා ගැනීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාව පිළිබදව පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් සිදු කර තිබේ.

චීන තානාපති කාර්යාලයේ පැහැදිලි කිරීමට අනුව, මුදල් අමාත්‍යංශය මගින් අදාල ණය මුදල චීනයෙන් ඉල්ලා ඇති අතර, ඒ පිළිබදව දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු වෙමින් පවතී. තවමත් අවසන් එකගතාවයකට පැමිණ නැතත්, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය සූදානම් ය.

ඊට අමතරව, වූහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය ආරම්භ වූ සමයේ දී, ශ්‍රී ලංකාව චීනයට දැක් වූ සහාය, චීනයට කිසිදිනෙක අමතක නොවන බවද චීන තානාපති කාර්යාලය පවසා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, වූහාන් ප්‍රාන්තයට ලංකාවේ අනගි තේ කොළ එවූ බවත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, චීනය වෙනුවෙන් පිරිත් කියූ බවත්, ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්, චීනයට සිය සහයෝගය පළ කරමින් චිත්‍ර ඇද එවූ බවත් පවසන චීන තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සහ චීනය අතර ප්‍රේමය උත්කර්ෂයට නංවමින්, “වෛර කරන්නන් ආදරය නොහදුනන බවද වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 2 =