කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රය අද නිකුත් වේ.

0
242
- Advertisement -
Share
4 / 100

කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ
ගැසට් පත්‍රය අද නිකුත් වේ.

කොරෝනා මර්දනය සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාල ගැසට් පත්‍රය නිකුත් කරන ලෙස, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටියේ, කොරෝනා පළමු රැල්ල රට තුළ ඇති වූ අවස්ථාවේ දී ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමකින් තොරව, එම මාර්ගෝපදේශ උල්ලංඝණය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසා තිබුණි.

කෙසේ වෙතත්, අදාල ගැසට් පත්‍රය, අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන අතර, කොරෝනා මර්දනය සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන අයෙකුට එරෙහිව රුපියල් දස දහසක දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඩුවමක් හෝ ඒ දඩුවම් දෙකටම හෝ යටත් කළ හැකි පරිදි නීති පනවා තිබේ.

මුව ආවරණ පැළදීම, සබන් යොදා දෑත් පිරිසිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබීම, සමාජ දුරස්ථභාවය රදවා ගැනීම වැනි මූලික සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝණය කරන්නන්ට එරෙහිව මින් ඉදිරියට අදාල නීතිය අනුව කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − nine =