කොරෝනා මර්දනය සදහා ඉන්දීය හමුදාව මෙරටට ගොඩ බැසීමේ සූදානමක්.

0
1327
- Advertisement -

කොරෝනා මර්දනය සදහා ඉන්දියාව, මේ වන විටත්, ඔවුන්ගේ හමුදාව රටවල් කිහිපයකටම පිටත් කර යවා තිබේ.

ඒ අනුව, මේ මාසයේ මුල් දිනවල දී, ඉන්දියාව, 15 දෙනෙකුගෙන් යුත් හමුදා ඛණ්ඩයක් කුවේට් බලා පිටත් කර යවා තිබේ. එමෙන්ම, පසුගිය මාසයේ දී 14 දෙනෙකුගෙන් යුත් හමුදා ඛණ්ඩයක් මාලදිවයිනට ද පිටත් කර තිබේ.

සාර්ක කලාපයේ රටවල කොරෝනා මර්දන වැඩසටහන සදහා නායකත්වය දීමට ඉන්දියාව සූදානම් බව, සාක් කලාපයේ නායකයන් සමග වීඩියෝ තාක්ෂණයෙන් පැවැත් වූ සමුළුවේ දී ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා පවසා සිටියේ ය.

ඉදිරියේ දී, ශ‍්‍රී ලංකාව සහ බංගලා දේශයට ද, කොරෝනා මර්දනය සදහා හමුදා ඛණ්ඩ පිටත් කර එවීමට ඉන්දියාව සූදානමින් සිටින බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − five =