කොරෝනා මර්දනයට ඉන්දීය හමුදා ගෙන්වීමට සාකච්ඡ කර නෑ. හදිසි තත්ත්වය පාලනය කිරීමට ඇති හැකියාව, අපේ ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය දැනටමත් පෙන්වා අවසන්.

0
391
- Advertisement -

ශ‍්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය සදහා ඉන්දීය හමුදා ඛණ්ඩයක් පැමිණීමට නියමිත බවට ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණි.

දැනටමත් රටවල් කිහිපයක, කොරෝනා මර්දන වැඩසටහන් සදහා ඉන්දීය හමුදාව මැදිහත්ව සිටින බවටද එම වාර්තාවේ සදහන් විය.

කෙසේ වෙතත්, එවැනි දෙයක් පිළිබදව දෙරට අතර කිසිදු සාකච්ඡවක් සිදුව නැති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සදහන් කරයි.

එමෙන්ම, ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සදහා වෙනත් රටක සහායක් අවශ්‍ය නැති බවත්, ශ‍්‍රී ලංකාවේ ති‍්‍රවිද හමුදාව සහ පොලීසිය, අදාල කාර්යය සදහා ඔවුන්ගේ නිපුණතාව මේ වන විටත් පෙන්වා ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + nineteen =