කොරෝනා මරණ අට ලක්ෂය ඉක්මවයි. වැඩිම මරණ, ඇමරිකාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව.

0
229
- Advertisement -

කොරෝනා මරණ අට ලක්ෂය ඉක්මවයි.
වැඩිම මරණ, ඇමරිකාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව.

පසුගිය සෙනසුරාදා දිනය වන විට, ලොව පුරා වාර්තා වී තිබෙන කොරෝනා මරණ සංඛ්‍යාව අට ලක්ෂය ඉක්මවන බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම මරණ සංඛාවෙන් හරි අඩකට ආසන්න මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව යන රටවල ය.

කොරෝනා වසංගතය තවත් වසර දෙකකින් පමණ පරාජය කල හැකි වෙනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගෝලීයකරණය හේතුවෙන් රටවල් අතර සම්බන්ධතා සමීප වී තිබීම වසංගතය ව්‍යාප්ත වීම කෙරෙහි බලපා තිබෙන නමුත්, මේ වන විට ලෝකය අත්පත්කරගෙන තාක්ෂණික දියුණුව, මෙම වසංගතයට මුහුණ දීමේ දී ශක්තියක් වී තිබෙන බව ඔවුන් පවසයි.