“කොරෝනා” මදිවාට ක්‍රොඒෂියාවට භූමිකම්පාවක් ද කඩාපාත් වෙයි.

0
740
- Advertisement -

රික්ටර් මාපකයේ 5.3 ක අගයක් සටහන් වූ භූමි කම්පාවක් ක්‍රොඒෂියාව තුළ සිදුව තිබේ. භූමිකම්පාව සිදුව ඇත්තේ ක්‍රොඒෂියාවේ අගනුවර තුළයි.

මෙය, වසර 140 කට පසුව, ක්‍රොඒෂියාව මුහුණ දුන් දරුණුම භූමිකම්පාව ලෙස පැවසේ. මෙතෙක් භූමිකම්පාව නිසා සිදු වූ ජීවිත හානි පිළිබදව වාර්තා නොවුනද, භූමිකම්පාවෙන් එක් නව යෞවනයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

ක්‍රොඒෂියාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින රටකි.

මේ වන විට ඒ රට තුළින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 254 දෙනෙකු හදුනාගෙන තිබේ. කෙසේ වෙතත්, කොරෝනා වලින් සිදු වූ මරණ කිසිවක් ක්‍රොඒෂියාවෙන් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + seventeen =