කොරෝනා භීතිය අනුරාධපුර බන්ධනාගාරය තුළ ගැටුමක් ඇති කරයි. එක් රැදවියෙක් වෙඩි වැදී මරණයට පත් වේ.

0
634
- Advertisement -

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයක් මර්දනය කිරීමට යෑමේ දී තැබූ වෙඩි තැබීමකින් අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරගත කරනු ලැබූ රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර ගිය ආරංචියක් මත රැුදවියන් අතර නොසන්සුන්තාව හටගෙන තිබේ. අදාල රැදවියා බන්ධනාගාර ගත කර තිබුණේ මීට දින කිහිපයකට ඉහත දී ය.

බන්ධනාගාර නිළධාරීන් සහ රැුදවියන් අතර ඇති වූ ගැටුමෙන්, රැදවියන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, මියගොස් ඇත්තේ ඉන් එක් අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =