“කොරෝනා පිළිබද සැබෑ තත්ත්වය රජය ජනතාවගෙන් වසං කරනවා.” රුවන් විජේවර්ධන

0
310
- Advertisement -
Share

කොරෝනා පිළිබද සැබෑ තත්ත්වය
රජය ජනතාවගෙන් වසං කරනවා.”
රුවන් විජේවර්ධන

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව, එජාප නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන පවසයි.

මේ වන විට, කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්තව ඇති බවක් පෙනෙන්නට තිබෙන බව පවසන එජාප නියෝජ්‍ය මහලේකම්වරයා, රජය සැබෑ තොරතුරු ජනතාවගෙන් වසංකරන බවට චෝදනා කරයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පී.සී.ආර්. පරීක්ෂණවලින් ඉවත්වීමට තීරණය කර ඇත්තේ, රජය සැබෑ තොරතුරු වසං කරන නිසා යැයි ද ඔහු පවසයි.

රජය නියෝජනය කරන අපේක්ෂකයන්, සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මැතිවරණ රැළි පවත්වන බවට චෝදනා කරන රුවන් විජේවර්ධන මහතා, රජය, සෞඛ්‍ය අංශය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම පසෙක තබා, දේශපාලන අභිලාශයන්ට ප්‍රමුඛතාව ලබා දී ඇති බවක් පෙනෙන බව පවසයි.

ඊයේ දිනයේ දී ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + six =