කොරෝනා පාලනය කිරීම සදහා දිස්ති‍්‍රක්ක 25 ට ඉහළම හමුදා නිළධාරීන් 25 ක් පත් කරති.

0
433
- Advertisement -

කොරෝනා පාලනය කිරීම සදහා දිස්ති‍්‍රක්ක 25 ට ඉහළම හමුදා නිළධාරීන් 25 ක් පත් කරති.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා, අද දිනයේ සිට බලපැවැත්වෙන පරිදි දිස්ති‍්‍රක්ක විසි පහට මේජර් ජනරාල්වරු සහ බි‍්‍රගේඩියර්වරු විසි පහක් පත් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා පාලනය සදහා පිහිටුවා ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානියාවන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර තිබේ.

එක් එක් දිස්ත්‍රික්කවල නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පහසුකම් සැපයීම, රෝගීන් එම මධ්‍යස්ථාන සඳහා ප්‍රවාහනය කිරීම, එම මධ්‍යස්ථාන සඳහා ඖෂධ සහ උපකරණ සැපයීම, වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සහ අනෙකුත් තාක්ෂණික අවශ්‍යතා සඳහා පහසුකම් සැපයීම සම්බන්ධීකරණය එම නිලධාරීන්ට භාරවී ඇත.