කොරෝනා ප්‍රශ්නයෙන් සවුදියේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සියදිවි නසාගනිති.

0
5890
- Advertisement -
Share

කොරෝනා ප්‍රශ්නයෙන්
සවුදියේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සියදිවි නසාගනිති.

සවුදියේ දමාම් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

මින් එක් අයෙක්, වෘත්තියෙන් රියැදුරෙකි.

අසල්වැසි කාමරයේ ජීවත් වූ පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මිය යෑම නිසා, ඔහු බියට පත්ව සිටි බවත්, ඒ සදහා උපදේශන ප්‍රතිකාර ලබා තිබූ බවත් වාර්තා වේ.

අවසානයේ දී ඔහු, සිය නවාතැන්පොළේ දී ම සියදිවි නසාගෙන තිබේ.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ, ගොතටුව නව නගරයේ පදිංචිකරුවෙකි. මොහාන් ජයසිංහ නමැති ඔහු එක් දරු පියෙක් බව පැවසේ.

සියදිවි හානිකරගෙන ඇති අනෙක් පුද්ගලයා, පිළිකාවකින් පීඩා විදි අයෙකි. කොරෝනා සමයේ දී, අවශ්‍ය වූ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට නොහැකි වී ඇති බව පැවසේ.
මේ වන විට සෞදි අරාබියෙන්, කොරෝනා මරණ 972 ක් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =