කොරෝනා නිසා ලංකාවේ හිරවී සිටින රුසියානු ජාතික තරුණියකට මරණ තර්ජන. පොලිසිය පැමිණිල්ල භාර නොගනී.

0
956
- Advertisement -

කොරෝනා වසංගතය හේතුවෙන් රටින් පිටවීමට නොහැකිව මෙරට රැදී සිටින විදෙස් තරුණියන්, හිරිහැරයට ලක්වන බව වාර්තා වේ.

ඒසියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන ආකාරය, මෙසේ හිරිහැරයට ලක්වන්නේ, සංචාරය සදහා තනිව මේ රටට පැමිණ සිටින තරුණියන් ය.

දැනටමත්, හික්කඩුවේ සංචාරක හෝටලයක නැවතී සිටින රුසියානු ජාතික තරුණියකට, ප‍්‍රදේශයේ තරුණයෙකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පැවසේ. අදාල තරුණිය, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, තරුණයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවට පොරොන්දු වී ඇති පොලීසිය, පසුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බව වාර්තා වේ.

ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 16 =