කොරෝනා නිසා, දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන ඇනහිටලා.

0
499
- Advertisement -

ළදරුවන් සහ කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් කල් නොයවා වහාම ක්‍රියාත්මක කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇණහිට ඇති ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරියේදී භයානක ප‍්‍රථිඵල අත්විය හැකි බව එම සංගමය අවධාරණය කළේය.

මෙම එන්නත් ලබාදීම ප්‍රමාද කළ හැක්කේ සති දෙකක් වැනි කාලයකට පමණක් බවත් ඒ අනුව සියලු ආරක්ෂක විදිවිධානවලට අනුව එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

පවතින තත්ත්වය යටතේ දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ගෙයින් – ගෙට ගොස් ක්‍රියාත්මක කිරීමට වුව ද සිය සාමාජිකාවන් සූදානම් බව ඇය සඳහක් කළාය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් ගෙයින් – ගෙට ගොස් ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවදානය යොමුව ඇතත් මෙතෙක් එය ප‍්‍රමාද වීම කණගාටුවට කරුණක් බව ද කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

asian mirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − one =