කොරෝනා නිසා ජපන් අධිරාජයාගේ උපන්දින සැමරුම අවලංගුයි.

0
487
- Advertisement -

විඩ් 19 වෛරසය නිසා ජපානයේ නරුහිතෝ අධිරාජයාගේ උපන් දින සැමරුමටද බාධා එල්ල වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ලබන සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ අධිරාජයාගේ උපන් දින සැමරුම අවලංගු කර ඇති බවයි.

23 වැනි ඉරු දින නරුහිතෝ අධිරාජයාගේ උපන් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබුණේ මාලිග පරිශ්‍රයේය. එදින උදයේ අධිරාජයා සහ බිසව එහිදී මහ ජනතාව හමුවේ පෙනී සිටිමින් ඔවුන්ගේ සුබ පැතුම් පිළිගැනීමට නියමිතව තිබිණි. එරට අධිරාජයාගේ උපන් දින සැමරුම ජනතාව දහස් ගණනින් රැස්වන අවස්ථාවකි.

1960 වසරේ පෙබරවාරි 23 වැනි දින උපන් නරුහිතෝ අධිරාජයා ලබන ඉරිදා 60 වැනි වියට පා තබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + eight =