කොරෝනා නෑ..! ඔබේසේකරපුර අරුණෝදය මාවත විවෘත කරයි.

0
605
- Advertisement -

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු සිටින බවට ඇති ව තිබුණු සැකය මත ඊයේ දිනයේ දී වසා දැමූ, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත යළි මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.

සැකය මතුව තිබුණේ, අරුණෝදයේ මාවතේ පිරිසක්, කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වූ පූජකතුමෙකු විසින් යාපනයේ පවත්වන ලද දේව මෙහෙයකට සහභාගී වී නැවත පැමිණ ඇති බවට පැතිර ගිය ආරංචියයි.

කෙසේ වෙතත්, පසුව දැනගන්නට ලැබී ඇත්තේ, අරුණෝදය මාවතේ පිරිස සහභාගී වී ඇත්තේ යාපනයේ පැවති දේව මෙහෙයකට නොව, වෙනත් පූජකයෙකු විසින් සූරියවැව ප‍්‍රදේශයේ පවත්වන ලද දේව මෙහෙයකට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + five =