කොරෝනා දෙවැනි රැල්ල අත ළග. දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5000 කළ යුතුයි.

0
2097
- Advertisement -
Share

කොරෝනා දෙවැනි රැල්ල අත ළග.
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5000 කළ යුතුයි.

කන්දකාඩු නිරෝදායන මධ්‍යස්ථානයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් 56 දෙනෙකු හමුවීමත්, ඊට අමතරව, එම ආයතනයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවක ආසාදනයට ලක් වීමත් සමග, කොරෝනා දෙවන රැල්ලක් රට තුළ මතු වීමේ දැඩි අවධානමක් නිර්මාණය වී ඇති බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.

ඊයේ දිනයේ දී කන්දකාඩු කදවුරෙන් ආසාදිතයන් 56 දෙනෙකු වාර්තා වී ඇති බව පැවසූවත්, තමන්ට ලැබී තිබෙන තොරතුරු අනුව, එම සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගත හැකි බව ද ඔහු පවසයි.

මේ තත්ත්වය මත, කොරෝනා දෙවන රැල්ලක් මතුවීම වළක්වා ගැනීමට නම්, දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන් දහසක්වත් කළ යුතුව ඇතැයි ඔහු යෝජනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 8 =