කොරෝනා දෙවන රැල්ලේ මූලය යුක්රේන ගුවන්සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෙක්.

0
375
- Advertisement -

කොරෝනා දෙවන රැල්ලේ මූලය
යුක්රේන ගුවන්සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෙක්.


දැනට කරන ලද පර්යේෂණ අනුව, මෙරට තුළ ඇති වූ කොරෝනා දෙවන රැුල්ලේ මූලය, යුක්රේන ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අදාල, යුක්රේන ජාතිකයා, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මුල දී, සීදුව ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට යොමුකර තිබුණු බවද පැවසේ.

කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්, තුර්කි ගුවන් සමාගමකට අයත් ගුවන් යානාවකින් පසුගිය සැප්තැම්බර් මාසයේ 11 වන දා දිවයිනට පැමිණ ඇති අතර, එම පිරිස සීදුවේ පිහිටි හෝටලයක නිරෝධායනයට යොමු කර තිබේ.

ඔවුන් පිටත්ව යෑමට පෙර, සමුගැනීමේ සාදයක් පවත්වා ඇති අතර, එම සමුගැනීමේ සාදය සදහා පිටස්තර පුද්ගලයන්ද සහභාගී වී තිබේ.

සැප්තැම්බර් 13 වන දා, එක් යුක්රේන ජාතිකයෙකු ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, ඔහු අයි.ඞී.එච් රෝහල වෙත යවා තිබේ.

ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ හෝටල් කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුද ආසාදිතයන් බව පසුව හදුනාගෙන ඇති අතර, පසුව, ඔක්තෝබර් මාසයේ දී බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පළමු ආසාදිතයා වාර්තා විය.

කෙසේ වෙතත්, මේ මොහොතේ පවතින තත්ත්වය අනුව, ශ‍්‍රී ලංකාව, සාර්ථක ලෙස කොරෝනා වසංගතය මර්දනය කරමින් පවතින බව, දත්ත අනුව පෙනී යන්නේ යැයි, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි

daily mirror පුවත්පත ඇසුරෙනි.