“කොරෝනා දෙවන රැල්ලක අවදානමක් ලංකාවට නෑ.”

0
343
- Advertisement -
Share

කොරෝනා දෙවන රැල්ලක අවදානමක් ලංකාවට නෑ.

කොරෝනා දෙවන රැල්ලක අවදානමක් ලංකාවට නැති බව, සෞඛ්‍යසේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ පබා පලිහවඩන මහත්මිය පවසයි.

අපේ්්‍රල් මාසයේ අග සිට මේ දක්වා, සමාජය තුළින් කිසිදු ආසාදිතයෙකු හමු නොවීමෙන් පැහැදිලි වන්නේ, කොරෝනා දෙවන රැල්ලක අවදානමක් ශ්‍රී ලංකාවට නොමැති බව යැයි, ඇය පවසා තිබේ.

එමෙන්ම, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ නාවික හමුදා පොකුර, මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කර ඇති බවත්, නිරෝදායන මධ්‍යස්ථාවල තත්ත්වය ද යහපත් තත්ත්වයක පවතින බවත් ඇය පවසයි.

තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතියද, සෞඛ්‍ය අංශ විසින්, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා හදුන්වා දී තිබෙන මාර්ගෝපදේශ, තදින් ක්‍රියාත්මක කළ යුතු ඇය අවදාරණය කර තිබේ.

මේ අදහස් ඇය පළ කර තිබුනේ, ඬේලිමිරර් පුවත් පතටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 3 =