කොරෝනා ණය සහන කාලය ඉවරයි. ව්‍යාපාරිකයන්ගේ පසුම්බි තවමත් හිස්.

0
137
- Advertisement -
Share

කොරෝනා ණය සහන කාලය ඉවරයි.
ව්‍යාපාරිකයන්ගේ පසුම්බි තවමත් හිස්.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දුන් බැංකු ණය සහන කාලය සැප්තැම්බර් මාසයෙන්

නිම වුවද ව්‍යාපාර තවමත් සාර්ථක ලෙස නොපැවැත්වෙන හෙයින් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇතැයි එම ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති. වාණිජ බැංකු විසින් ඔක්තෝබර් මාසයේ සිය සාමාන්‍ය පරිදි ණය වාරික සහ පොලියත් ඊට අමතරව සහන කාලයට අයත් ණයවාරිකවලට අදාල පොලියත් ඉල්ලා සිටින බව ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පවසති.

සහන කාලයට අයත් මාස හයට අදාල පොලී මුදල එකවර ගෙවීමට, මාස හයකින් ගෙවීමට හෝ අවුරුද්දකින් ආදී වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දිය හැකි බව ද වසරකින් ගෙවන්නේ නම්, අමතර පොලියක් අයකරන බවද වාණිජ බැංකු තමන්ට දැනුම් දුන් බවද එම ව්‍යාපාරිකයෝ කියති. .

කෙසේ වෙතත්, තවමත් ව්‍යාපාර ආරම්භ කර නැති සහ සුළුවෙන් පවත්වාගෙන යන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු ණය ගෙවීමට තරම් ආදායමක් නොමැති බවද ඔවුහු කියති.

විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට වැටී ඇතැයි ද ගුවන්තොටුපළ විවෘත නොවීම, විදෙස් රටවල මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන නොපැවැත්වීම ආදී හේතූන් මත තමන් අසරණ වී ඇතැය ද ඔවුනු පවසති.

එම නිසා බැංකු ණය ගෙවීමට තවත් සහන කාලයක් හෝ වෙනත් විසදුමක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියති.
ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 10 =