කොරෝනා ගැන චීන නිළ වාර්තා වැරදියි – හොංකොං විශ්වවිද්‍යාලය

0
543
- Advertisement -

කොරෝනා වයිරසය ආසාදනය වූවන් සම්බන්ධයෙන් චීනය නිකුත් කරන නිල වාර්තා පිළිබඳව හොංකොං විශ්වවිද්‍යාලය මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. සිය ඇස්තමේන්තුවලට අනුව ඔවුන් පවසන්නේ දැනට චීනය නිල වශයෙන් පවසනවාට වඩා වැඩි පිරිසක්, එනම් 75,000 ඉක්මවන සංඛ්‍යාවක් ආසාදනයට බඳුන් වී සිටින බවයි.

වූහාන්හි වෙසෙන්නන් වෙතද චීන බලධාරීන් දැඩි සීමාවන් පනවා ඇති අතර එක් පවුලකින් එක් අයකුට පමණක් දින දෙකකට වරක් පිටතට පැමිණ ආහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතා සපුරා ගත හැකිය. මේ වනවිටත් ඇමෙරිකාව, රුසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, පාකිස්තානය සහ ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක් චීන වැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මඟින් චීනය සහ එහි වැසියන් කෙරෙහි අනවශ්‍ය භීතියක් මවාපෑමට ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරන බවට චීන ආණ්ඩුව චෝදනා කරයි. මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපදය සති දෙකක් තුළ චීනයේ සංචාරය කළ විදේශීය ජාතිකයන්ට පවා සිය රටට පිවිසීම තහනම් කර ඇත. එහෙත් මෙය අනුමත කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 14 =