“කොරෝනා එන්නත ලංකාවට ලබා දෙන්න රුසියාව සූදානම්.” රුසියානු තානාපති කියයි.

0
219
- Advertisement -
Share

කොරෝනා එන්නත
ලංකාවට ලබා දෙන්න රුසියාව සූදානම්.”
රුසියානු තානාපති කියයි.

කෝවිඞ් 19 සදහා, රුසියානු විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ එන්නත ලංකාවට ලබා දීමට තමන් සූදානම් බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී බී මැටරී මහතා පවසා තිබේ. ඊයේ දිනයේ දී, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා තිබේ.

ලංකාවේ සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ උපදෙස් අනුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව, විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා රුසියානු තානාපතිවරයාට පවසා තිබේ.

රුසියාව විසින් මෑතකදී සොයාගන්නා ලද මෙම එන්නත, එරට ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් ගේ දියණියට ද එන්නත් කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, රුසියාව විසින් සොයා ගන්නා ලද එන්නත කෝවිඞ් 19 සදහා සුදුසුම ඖෂධයක් ලෙස මෙතෙක් නිර්දේශ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 6 =