කොරෝනා ඉවරයි කියා, අපේ සෞඛ්‍ය බලධාරීන් රෝහල් පද්ධතිය දියුණු කරන්න ලබා දුන්න ලෝක බැංකු ආධාර එපා කියති.

0
360
- Advertisement -
Share
9 / 100

කොරෝනා ඉවරයි කියා, අපේ සෞඛ්‍ය බලධාරීන් රෝහල් පද්ධතිය දියුණු කරන්න ලබා දුන්න ලෝක බැංකු ආධාර එපා කියති.


කොරෝනා පළමු රැුල්ල ඇති වු අවස්ථාවේ දී, මෙරට සෞඛ්‍ය කේෂ්ත‍්‍රය, කොරෝනා දෙවන රැුල්ලකට මුහුන දීම සදහා සූදානම් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකුව විසින් විශාල ආධාරයක් ලබා දීමට සූදානම් ව සිට ඇති බවත්, මෙරට සෞඛ්‍ය අංශ බලධාරීන් එම ආධාරය ප‍්‍රතික්ෂේප කරඇති බවත්, සති අන්ත රාවය පුවත්පත වාර්තා කරයි.

ලෝක බැංකුව මෙම ආධාර ලබා දීමට සැලසුම් කර ඇත්තේ යුනිසෙෆ් ආයතනය හරහා ය. යුනිසෙෆ් ආයතනය හරහා අදාල ආධාරය ලබා දෙන විට, අවශ්‍ය නියමිත උපකරණ මිස වෙනත් කිසිදු ප‍්‍රතිලාභයක්, අදාල සෞඛ්‍ය බලධාරීන්ට ලබා ගැනීමට නොහැකි වීම, මෙසේ එම ආධාරය ප‍්‍රතික්ෂෙප කිරීමට හේතුව වී ඇති බව රාවය පුවත්පත පවසයි.

රාවය පුවත්පත ඒ සම්බන්ධයෙන් පළ කර ඇති සම්පූර්ණ වාර්තාව අපි මෙසේ උපුටා දක්වන්නෙමු.

පළමු කොවිඞ් රැල්ලෙන් පසු මෙරට සෞඛ්‍ය අංශ වැඩි දියුණු කිරීමට
ලෝක බැංකු ආධාරයක් ලෙස ලැබීමට තිබූ ඩොලර් බිලියන 180ක්
ලබා ගැනීම මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් ප‍්‍රතික්ෂේප කළ බව
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති
රවී කුමුදේශ් රාවයට පැවසුවේය.

ඔහු පවසන්නේ ලෝක බැංකුව විසින්
කොවිඞ් වසංගතය සඳහා රෝහල් සේවාවන්සූදානම් කර තැබීම වෙනුවෙන් පිහිටවූ අරමුදලෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීමට අවශ්‍ය
ප‍්‍රසම්පාදන කටයුතු කිරීමට යුනිසෙෆ්
ආයතනයට ලබාදී තිබූ බවය. ඒ අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය අයිසීයූ ඇඳන්, විවිධ වර්ගවල පීසීආර් යන්ත‍්‍ර, නව රසායනාගාර ආදී කොවිඞ් සඳහා අවශ්‍ය සියලූ දේ පමණක් නොව ලංකාවේ සියලූ රෝහල් දියුණු කිරීමට අවශ්‍ය උපකරණ ගෙන්වීමේ සූදානමක් තිබූ බවත් කොවිඞ් අවසන් යැයි සිතමින් සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළේ ඊට අදාළ ප‍්‍රසම්පාදන කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබුණු නිසා බවය.

”යුනිසෙෆ් සංවිධානය අදාළ ප‍්‍රසම්පාදන
කටයුතු කළහොත් මෙරටට ලැබෙන්නේ
අවශ්‍ය වන උපකරණ ආදිය පමණයි. සෞඛ්‍ ය අමාත්‍යාංශයේ නිලධාරීන් බලධාරීන් හා අදාළ තාක්ෂණික කමිටුවල ඉන්න අය වඩා කැමති ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සිදුකිරීම සඳහායි.” රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − sixteen =