කොරෝනා ආසාදිත පොලිස් පිරිස 707 දක්වා ඉහළට.
කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආසාදිතයන් 54 දෙනෙකු හදුනාගෙන තිබුණි.
මෙම පිරිස අතර, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට අයත් නිළධාරීන් 145 දෙනෙකුද සිටින බව පැවසේ.