“කොරෝනා ආසාදිත පොලිස් නිළධාරීනට විද්‍යාත්මක නො වන ප‍්‍රතිකාර සිදුකිරීම තහනම්..!” වැඩබලන පොලිස්පති නියෝග කරයි.

0
338
- Advertisement -
Share
8 / 100

“කොරෝනා ආසාදිත පොලිස් නිළධාරීනට
විද්‍යාත්මක නො වන ප‍්‍රතිකාර සිදුකිරීම තහනම්..!” වැඩබලන පොලිස්පති නියෝග කරයි.


කොරෝනා ආසාදිත පොලිස් නිළධාරීන්ට, වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොකළ ප‍්‍රතිකාර ක‍්‍රම සිදු කිරීම වැඩ බලන පොලිස්පතිවරයා විසින් තහනම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
දුමායනය කිරීම සහ තවත් කෙම් ක‍්‍රම විද්‍යාත්මක නොවන ප‍්‍රතිකාර ගණයට අයත් වේ.

මෙවැනි ප‍්‍රතිකාර ප‍්‍රවර්ධනය කිරීමෙන් තත්ත්වය වඩාත් බරපතල තත්ත්වයට පත්වුවහොත්, වගකිව යුතු නිළධාරීන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා විසින් අනතුරු හගවා තිබේ.

ඊයේ දිනයේ වාර්තාවන්ට අනුව, පොලිස් නිළධාරීන් 424 ක්, කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබුණු අතර, අද පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට, කොටුව පොලිසියේ තවත් පොලිස් නිළධාරීන් 75 ක් සහ කෙසෙල්වත්ත පොලිසියේ නිළධාරීන් 20 ක ට ද වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ. ඒ අනුව, මේ වන විට ආසාදිත පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව 519 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =