කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමට ඇදන් දහසේ පාවෙන රෝහල නිව්යෝර්ක් නුවරට එයි.

0
550
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, ඇමරිකාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,300 ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව්යෝර්ක් නගරයෙනි. නිව්යෝර්ක් නගරය තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම, වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව නිව්යෝර්ක් නගරයේ පවතින රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවද පැවසේ.

මේ තත්ත්වය යටතේ, ඇමරිකානු නාවික හමුදාව විසින්, ඇදන් දහසක රෝහල් ධාරිතාවක් සහිත නැවක්, නිව්යෝර්ක් බලා පිටත් කර හැර තිබේ. නිව්යෝර්ක් වැසියන් අත්පොලොසන් දී මෙම නැව ඔවුන්ගේ පුරයේ දී පිළිගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − fifteen =