කොරෝනා ආසාදනයෙන් මිය ගියා කියා දේහය ආදාහනය කළා. නමුත් දෙවනුව ආ වෛද්‍ය වාර්තාවට අනුව අම්මාට වෛරසය ආසාදනය වී තිබුණේ නෑ..!

0
1299
- Advertisement -
Share

නිරෝදායන නීතිය අනුව, කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන් ආදාහනය කළ යුතු බව, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

ඒ අනුව, ජාතිය හෝ ආගම කුමක් වුවත්, කොරෝනා ආසාදනය වී මිය යන සෑම අයෙකුම ආදාහනය කිරීම සිදු විය.

එසේ වෙතත්, අවසන් කටයුතු සිදු කිරීමේ දී, මිය ගිය තැනැත්තා භූමදානය කිරීම පමණක් කල යුතු බවට වන විශ්වාසයක් පවතින බැවින්, මුස්ලිම් සමාජයෙන් එම ගැසට් නිවේදනයට විරෝධයක් එල්ල විය.

කෙසේ වෙතත්. රජය ඔවුන් ගෙන තිබුනු තීරණය ආපසු හරවා ගත්තේ නැත.

තත්ත්වය එසේ තිබියදී, පසුගිය දා මුස්ලිම් ජාතික කාන්තාවක් මියගොස් තිබුණු අතර, ඇගේ මරණයට හේතුව කොරෝනා වෛරසය ආසාදනය වීම බව සිදු කරන ලද පළමු පරීක්ෂණ මගින් තහවුරු කර තිබුණි.

ඒ අනුව ඇගේ දේහය ආදාහනය කර තිබුණු අතර, දෙවනුව ආ පරීක්ෂණ වාර්තාවට අනුව එම කාන්තාව මියගොස් තිබුණේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නොව, වෙනත් කිසියම් හේතුවකිනි.

මේ සිදුවීම සම්බන්ධයෙන් අල් ජසීරා වෙබ් අඩවිය විශේෂ වාර්තාවක් පළ කර තිබෙන අතර, පහත දිගුව ඔස්සේ එම ලිපිය කියවීමට ඔබට පුළුවන.

https://www.aljazeera.com/news/2020/05/sri-lanka-muslims-face-extra-threat-coronavirus-stirs-hate-200510183518512.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =