කොරෝනාවට එරෙහි සටන අඩපණ වී ඇත්තේ ජනපති – අගමැති ගැටුම නිසා.

0
947
- Advertisement -

කොරෝනා මර්දන සටන මේ මොහොතේ අඩපණ වී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා සහ මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයා අතර ඇති බල ගැටුම නිසා බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජනා කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කදවුරට උවමනා වී ඇත්තේ, මැතිවරණයක් නොපවත්වා, තවත් වසර කිහිපයක් රට පාලනය කිරීමට වන අතර, අග‍්‍රාමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ, කෙසේ හෝ ඉක්මන් මැතිවරණයක් පවත්වා බලය තහවුරු කර ගැනීමට බව මංගල සමරවීර මහතා පවසයි.

මෙම බල ගැටුම හේතුවෙන්, වෛරසය මර්දනය කිරීමට අදාල සංවාාදය, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉවත් වී, වෛරසය සමග ද්ශපාලනය කරන පිරිසක් වෙත මාරු වී ඇති බවට ද එතුමා චෝදනා කරයි.

සිරස රූපවාහිනියේ සජීවී වැඩසටහනකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 7 =