කොච්චිකඩේ දේවස්ථානයෙ මියගිය පිරිස අතරට බෝම්බ කරුගෙ නම ඇතුලත් වුනාද? – මෙන්න ඇත්ත විස්තරෙ

0
1295
- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර ඊයේ නැවතත් ජනතාවට විවෘත වුනා.

දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් සිහිවටන පුවරුවක්ද එහි ඇතුලත ඉදිකර තිබුනා, ඒ අනුව එහි ඇතුලත් මියගිය අයගේ නාම ලේඛනයට බෝම්බ කරුගෙ නමත් ඇතුලත් කර ඇති බවට සමාජ ජාලා මාධ්‍ය හරහා විශාල කතා බහක් හට ගත්තා.

කොහොම නමුත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත්, එහි සදහන් වන “මොහොමඩ් රිස්වාන්” නැමති නම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 15 හැවිරිදි මුස්ලිම් ජාතික දරුවෙකුගෙ බව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය විසින් සනාත කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − ten =