“කෙණහිලිකම් කෙළවරක් නෑ.” මෙරට මුස්ලිම් සංවිධාන ජාත්‍යන්තරයට පැමිණිලි කරයි.

0
446
- Advertisement -


“කෙණහිලිකම් කෙළවරක් නෑ.”
මෙරට මුස්ලිම් සංවිධාන ජාත්‍යන්තරයට පැමිණිලි කරයි.

කොරෝනා මෘතදේහ භූමදානය සදහා සුදුසු භූමියක් වෙන් කර ගැනීම සදහා මැදිහත් වන්නයි ඉල්ලා සිටිමින්, මෙරට ප‍්‍රධානතම මුස්ලිම් සංවිධානයක් විසින් ඉස්ලාමීය සහයෝගීතා ව්‍යාපාරයටත් ලෝක මුස්ලිම් කොන්ග‍්‍රසයටත් මේ සතිය තුළ ලිපියක් යොමු කිරීමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

ලෝක මුස්ලිම් කොන්ග‍්‍රසයේ ප‍්‍රධාන කාර්යාලය ජිනීවා නුවර පිහිටා තිබේ.

කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිවු දුපතෙන් කොටසක් වෙන් කිරීමට රජය ගෙන තිබෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ප‍්‍රජාව සිය විරෝධය ප‍්‍රකාශ කර තිබේ.
ඉරණතිව් දුපත වෙනුවට, මෘතදේහ භූමදානය සදහා සුදුසු වෙනත් ස්ථාන දෙකක් යෝජනා වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ කුප්පියාවත්තේ පිහිටි සුසාන භූමියකි. අනෙක මන්නාරමේ පිහිටි අක්කර පහක පමණ භූමියකි.

මෙම භූමි දෙකම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කර එහි භූගත ජල මට්ටම පිළිබදව වාර්තා ඉදිරිපත් කර ඇති බවත්, මන්නාරම පිහිටි අක්කර පහක භූමියේ අඩු ජල මට්ටමක් ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බවත් පැවසේ. එසේ තිබියදී සෞඛ්‍ය බලධාරීන් සිය ඉල්ලීම නොතකා හැරීම පිළිබදව මුස්ලිම් නායකයන් අප‍්‍රසාදය පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =