කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාගේ බිල්ඩිමෙන් ඉවත් කර ගනී.

0
711
- Advertisement -

මසකට රුපියල් කෝටි දෙකකට වඩා වැඩි කුලී මුදලක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩ නැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. අදාල අමාත්‍යංශය මීට පෙර එමා අමාත්‍යංශය පවත්වාගෙන ගිය බත්තරමුලලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැුගෙන යෑමට නියමිත ය. ඒ සදහා වූ කැබිනට් පති‍්‍රකාව, අද රැුස්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

2015-2019 අතර කාලයේ රාජ්‍ය ආයතනවල සිදුවූ අක‍්‍රමිකතා විමර්ෂණය කිරීම සදහා පත් කර තිබුණු ජනාධිපති කොමිසම් සභාව, කෘෂිකර්ම අමාත්‍යංශය, අධික කුලියක් ගෙවමින් අදාල ගොඩ නැගිල්ලට රැගෙන යාම පිළිබදව විමර්ෂණය කළ අතර, එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ එවකට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ ලබා ගැනීම සදහා කොමිසම හමුවට කැදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − ten =