කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව උණුසුම් විය හැකි යි..!

0
554
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සදහා, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලබන, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සවස 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව ප‍්‍රකාශ කර තිබුණද, අද රැස්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව උණුසුම් එකක් වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරති.

එයට හේතුව වන්නේ, ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සදහා පක්ෂ නායකත්වයෙන් ඉදිරිපත් වූ කොන්දේසි පිළිගැනීමට තමන් සූදානම් නැති බව, මතුගම පැවති ජන රැුළියේ දී එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 11 =