“කුළුබඩු අපනයනයෙන් මේ වසරේ වාර්තාගත ආදායමක්..! කාබනික පොහොරට මාරු වීම නිසා ඒකත් නැතිවීමේ අවදානමක්..!” කුළුබඩු අපනයනකරුවෝ අනතුරු හගවති.

0
225
- Advertisement -

“කුළුබඩු අපනයනයෙන් මේ වසරේ
වාර්තාගත ආදායමක්..!
කාබනික පොහොරට මාරු වීම නිසා
ඒකත් නැතිවීමේ අවදානමක්..!”
කුළුබඩු අපනයනකරුවෝ අනතුරු හගවති.


පසුගිය වසරට සාපේක්ෂව, මෙම වසරේදී කුළු බඩු අපනයනයෙන් ලංකාව වාර්තාගත ආදායමක් උපයාගෙන තිබේ.

පසුගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව ගත් විට, මේ වසරේ මුල් මාස හතර තුළ කුළු බඩු අපනයනයෙන් උපයා ඇති ආදායම 115% කින් ඉහළ ගොස් තිබේ.
[පසුගිය වසරේ මුල් මාස හතර තුළ කුළු බඩු අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 63.49 ක් වන අතර මේ වසරේ මුල් මාස හතර තුළ උපයා ඇති ආදායම ඩොලර් මිලියන 137 කි.]

ප‍්‍රධාන වශයෙන් ම ගම්මිරිස්, කරාබු නැටි, කුරුදු සහ සාදික්කා අපනයනයෙන් මෙම ආදායම උපයා තිබේ.

ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවලින් වෙළද පොලට නිකුත්ව තිබෙන කුළුබඩු ප‍්‍රමාණය පහත වැටීමෙන් මෙරට නිෂ්පාදන සදහා ඇති ඉල්ලූම ඉහළ යෑමත් – ලෝක වෙළද පොලේ කුළුබඩු මිල ඉහළ යැමත් යන කාරණා දෙකම මෙසේ වාර්තාගත ආදායමක් උපයා ගැනීම කෙරෙහි බලපා තිබේ.

කෙසේ වෙතක්, රසායනික පොහොර භාවිතය තහනම් කරමින් එක් වරම කාබනික පොහොර වෙත මාරු වීමට ගෙන තිබෙන රජයේ තීරණය මේ වන විට උදා වී තිබෙන ස්වර්ණමය අවස්ථාවට දැඩිව බලපානු ඇතැයි කුළුබඩු නිෂ්පාදකයින් සහ වෙළෙදුන්ගේ සංගමයේ හිටපු සභාපති වර්නන් අබේරත්න මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − fifteen =