කුලියාපිටියේ සිසුවාගෙ පාසල් ගමන නතර වෙයි

0
536
- Advertisement -
Share

මවට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි කියා පාසලෙ ප්‍රතික්ෂේප වූ විට මධ්‍යම පළාතේ පාසලකට ඇතුළත් කරගනු ලැබූ කුලියාපිටියේ දරුවාට යළි පාසල් ගමන අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි,

සිසුවාගේ මව මධ්‍ය පළාතේ එම ජනප්‍රිය පාසල අසල නිවසක් කුලියට ගෙන සිසුවා සමග නවාතැන් ගෙන සිටි අතර ඒ සඳහා නිවසේ කිලිය වන රුපියල් 15000ගෙවා තිබුණේ කොළඹ පෞද්ගලික සමාගමක් විසිනි. එම සමාගම මේ වන විට එම මුදල ගෙවීම නවතා දමා ඇති බැවින් මව සහ එම දරුවා නැවත කුලියාපිටියට ගොස් ඇති බවත් මේ නිසා සිසුවාගේ පාසල් ගමනද නැවතී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් 9වන වසරේ ඉගෙනුම ලැබූ එම සිසුවා දක්ෂ සිසුවෙකු බවත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඩ නොදියයුතු බවත් පෙන්වා දුන් ගුරු ස්ංගමයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්ව වහාම පියවරක් ගතයුතු බවද පැවසීය.

කුලියාපිටිය විදුහලක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවාට 2016 වසරේ පාසල් ගමන නැවැත්වීමට සිදුවූයේ ඔහුගේ මවට එච්.අයි.වී ආසාදිත කාන්තාවක් බැවින් එම සිසුවා පාසලට එවීමෙන් තම දරුවන් අවදානමක වැටෙන බවට මවුපියන් දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =