“කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර වහාම ඉවත් කරනු..!” වෛද්‍යවරු – හෙද හෙදියෝ ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිති.

0
3343
- Advertisement -

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව, එම රෝහලේ කාර්ය මණ්ඩලය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ. මෙම විරෝධතාවය සදහා රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටිති.

මින් ඉදිරියට, රෝහල් අධ්‍යක්ෂකගේ නියෝග තමන් පිළිනොපදින බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ නියෝගයන්ට අනුව පමණක් කටයුතු කරන බවත් ඔවුන් පවසයි.

සරත් වීරබණ්ඩාර මහතා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු නොකළහොත්, හෙට දිනයේ සිට, හදිසි සහ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලූ ප‍්‍රතිකාර සේවාවන්ගෙන් තමන් ඉවත් වෙන බවද උද්ඝෝෂකයෝ පවසති.

කුරුණෑගල රෝහල් පරිශ‍්‍රයෙන් පිටත, මාධ්‍ය හමුවක් ද මෙම උද්ඝෝෂණකයන් විසින් සංවිධානය කර තිබේ.

කොරෝනා වසංගතය මධ්‍යයේ රාජකාරී කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව ලබා නොදීම ඔහුට එරෙහිව එල්ල වී ඇති එක් ප‍්‍රධාන චෝදනාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − eleven =