“කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරට එරෙහි චෝදනා බරපතලයි.” රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි.

0
2905
- Advertisement -
Share

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත්වීර බණ්ඩාර මහතාට එරෙහිව එම රෝහලේ සේවය කරන වෛද්‍යවරු සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, සරත්වීර බණ්ඩාර, රෝහල් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද, කුරුණෑගල රෝහල තුළ මේ වන විට උද්ගතව පවතින තත්ත්වය බරපතල බවත්, අධ්‍යක්ෂකවරයා කෙරෙහි ඇති විශ්වාසය බිද වැටී ඇති බවත්, අධ්‍යක්ෂකවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා බරපතල බවත් සදහන් කරයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා තාවකාලිකව හෝ ඉවත් කර, වගකීම වෙනත් අයකුට පැවරිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 13 =