කුරුණෑගල මහේස්ත‍්‍රාත් ගැන විමර්ෂණයක්.

0
1000
- Advertisement -

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඞ් සම්බන්ධ නඩුවේ දී කුරුණෑගල මහේස්ත‍්‍රාත් ඒ.ඞී.සී.එස්. හේවාවසම්ගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට ජූලි 18 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම විමර්ෂණයට හේතු ලෙස ලෙස පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කිරීමයි.

ඇගේ ප‍්‍රධානියා වන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර මෙම නඩුවෙහි විත්තිය, පැමිණිල්ල හෝ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකළද, ඔහුට විවෘත අධිකරණයේ දී අදහස් දැක්වීමට කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා ඉඩ ලබා දී ඇති බව පැමිණිල්ලෙහි සදහන් ය.

කාන්තාවන්ගේ පැලෝපීය නාල සම්බන්ධනේ සිදු කිරීමට නියමිත එස්.එච්.ජී පරීක්ෂණය පිළිබදව ඔහු අදහස් දක්වා ඇති නමුත්, ඔහු ප‍්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු නොවන බවද එම පැමිණිල්ලෙහි සඳහන් ය.

අනිද්දා පුවත්පත 2019.07.21